දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට යෝජනා වී තිබේ.
ඒ අනුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධනයක් එක් කරමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත. සමාජයේ සිටින ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදියෙහි යහපැවැත්ම සඳහා කටයුතු කරන සහ ඒ වෙනුවෙන් පිහිටුවා ඇති නීත්‍යනුකූල ආයතන සඳහා බදු සහන ඉල්ලා සිටිය හැකි ආකාරයට දේශීය ආදායම් පනත සශෝධනය කිරීමට මෙමඟින් යෝජනා වී ඇති බව සඳහන්ය.
ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම වැඩබලන මුදල් හා ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය මඟින් අනුමත කරන ලදි.