Saturday, May 10, 2025
Home » මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් 23ක් ඉන්නේ ඩුබායිවල

මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් 23ක් ඉන්නේ ඩුබායිවල

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මාකිලංගමුවේ සංජීවගේ අපරාධ කල්ලියේ ගෝලබාලයන් 23 දෙනකුම මේ වන විට රැඳී සිටින්නේ ඩුබායිවල බව ඔහුගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඒ අය අතර මාකිලංගමුවේ සංජීවගේ උවමනා එපාකම් මත කොන්ත්‍රාත් ඝාතනවල නිරත වූවන්ද සිටින බව ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ.

කොතරම් ප්‍රශ්න කළත් මෙතෙක් ඔහු මෙරට රැඳී සිටින ඔහුගේ ගෝලබාලයන් සහ මත්කුඩු ජාලය ගැන තොරතුරු හෙළිකර නැති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. වැඩි කල් නොගොස් ඔහු ඒ හැම දෙයක්ම හෙළි කරනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.

මාකිලංගමුවේ සංජීවට ඉන්දියාවේ සහ නේපාලයේ රැඳී සිටීමට සිදුව ඇත්තේ ඩුබායිවලින් ඔහුව වරක් පිටුවහල් කර ඇති බැවිනි. ඩුබායිවලින් පිටුවහල් කරන විට ඔහුගේ ඇස්වල සලකුණු ලබාගෙන ඇති බවත් ඩුබායි වෙත ඇතුළු වීමේදී ඇස් සලකුණු පරීක්ෂා කිරීමක් සිදුවන බැවින් තමාට ඩුබායි වෙත නැවත ඇතුළු වීම සම්බන්ධයෙන් ගැටලුවක් පැනනැඟී තිබුණු බවත් මාකිලංගමුවේ සංජීව ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT