Home » තරුණයෙකු දියේ ගිලී මියයයි

තරුණයෙකු දියේ ගිලී මියයයි

by mahesh
September 27, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

ඇළ මාර්ගයක ඊයේ (26) පස්වරුවේ දියනෑමට ගිය 22 හැව්රිදි තරුණයකු දියේ ගිලී මියගොස් ඇති බව බුලත්සිංහල පොලිසිය පවසයි .

හොරණ , කදන්හේන , කබල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කවිශ්ක ගිම්හාන නැමැති 22 හැව්රිදි තරුණයකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය.

මියගොස් ඇති තරුණයා තවත් තරුණයන් සිව්දෙනෙකු සමග බුලත්සිංහල, හල්වතුර අක්කර 150 ප්‍රදේශයේ දියනාමින් සිටියදී දියේගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය කීය.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සොයාබැලීමේදී මෘතදේහය ඇළ මාර්ගයේ නිල්වල නමින් හදුන්වන ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බව පොලිසිය කීය. මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඉංගිරිය මූලික රෝහල් තැන්පත් කර තිබේ. බුලත්සිංහල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT