සැප්තැම්බර් 27 අදට යෙදෙන ලෝක සංචාරක දිනය සැමරුම, කළුතර රෝයල්ෆාම් බීච් හෝටලයෙන්, විදේශීය සංචාරකයන් සඳහා විශේෂ විනෝදාත්මක වැඩසටහන් රාශියක් (27) සිදු කෙරෙන බව ඒ සාමාන්‍යාධිකාරී රවි කුරුකුලසූරිය මහතා දිනමිණට පැවසීය.
එම හෝටලයේ නේවාසිකව නතර වී සිටින විදේශීය සංචාරකයන් කළුතර නගරයේ ඓතිහාසික කළුතර බෝධීය, ඓතිහාසික හින්දු කෝවිල, කතෝලික සිරි කුරුස පල්ලිය යන ආගමික ස්ථාන පමණක් නොව විදේශීය සංචාරකයන් විශේෂයෙන් ඇලුම් කරන අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනාගාර, මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථාන ද නැරඹීමට විදේශීය සංචාරකයන්ට මෙහිදී අවස්ථාව සැලසේ.
මේ සඳහා ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රථ (ටුක් ටුක්) සහ පාපැදි විශාල සංඛ්‍යාවක් 27 පෙරවරු 10ට එම හෝටලයෙන් ඉතා දර්ශනීය ලෙස පිටත්වයෑමට නියමිතය.
එපමණක් නොව “හරිත ආයෝජන වැඩසටහන්” කිහිපයක්ද මෙහිදී දියත් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අතරින් එම හෝටලය තුළ විශේෂ අධාර ජලනළ පද්ධතියක් ස්ථාපනය කිරීම,කාර්යක්ෂම ලෙස කාමර තුළට උණුසුම හා සිසිල ගෙන දෙන තාප පොම්පයක් ස්ථාපනය කිරීම, කාමර තුළදී තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීම සහ කාබන් විමෝචනයෙන් තොර පාපැදි හඳුන්වාදීම මෙම වැඩසටහනට ඇතුළත් කර තිබේ.
මෙම සියලුම සේවාවන් එම හෝටලයේ ලැගුම්ගෙන සිටින සියලුම විදේශීය සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන බව Royal Palm Beach Hotel සාමාන්‍යාධිකාරී රවී කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.