Sunday, May 11, 2025
Home » හොරණ අපිරිසිදු හෝටල­් 5කට නඩු

හොරණ අපිරිසිදු හෝටල­් 5කට නඩු

by mahesh
September 27, 2023 12:55 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් කහටපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වසමේ සිදු කළ හදිසි වැටලීමකදී කුණු දූවිලිවලට නිරාවරණය වී දිය සෙවෙල සහිත ස්ථානයක ආහාර පිසිමින් සිටි හෝටලයක් ඇතුළු ස්ථාන පහකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උමේෂ දන්ජය මහතා පැවසීය.

වැටලීම අතරතුරදී කහටපිටිය ප්‍රදේශයේ හෝටලයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොස් එය පරීක්ෂා කරද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කොට කලහකාරීව හැසිරෙමින්, රාජකාරියට බාධා කළ හෝටල් හිමියෙකුට එරෙහිව මොරගහහේන පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

කහටපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම කහටපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වසමේ මොරගහහේන සිට හොරගස්හන්දිය දක්වා පිහිටි හෝටල්, ආපනශාලා, සිල්ලර කඩ ඇතුළු ආහාර අළෙවි කරන ස්ථාන 15කට ආසන්න ප්‍රමාණයක සිදු කළ අතර එහිදී ලේබල් රහිත, කල් ඉකුත් වූ, නිෂ්පාදිත දින රහිත ආහාර ගබඩා කර තිබියදී හමුවූ බවත් කෘමීන්ට, මැස්සන්ට හා කුණු දූවිලිවලට නිරාවණය වෙමින් ආහාර පිසින ස්ථාන හමු වූ බවත් පැවසේ. ඊට අමතරව කුණු දූවිලිවලට නිරාවරණය වෙමින් ජල කරාමවල සහ ටයිල්වල දියසෙවල සහිත ස්ථානවල ආහාර පිසිමින් තිබූ ස්ථාන හමු වූ බවත් එම ස්ථානවලට ඉහළින් සේවකයින්ගේ ඇඳුම් පැලඳුම් හා බිම් ඇතුරුම් පාපිසි එල්ලා තිබියදී හමු වූ බවත් පැවසේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT