ශ්‍රී ලංකා රග්බි ආයතනය විසුරුවා හරිමින් මෙරට රග්බි පරිපාලනයට ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීට මාස 5කට පෙර නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කළ බවට අමාත්‍යවරයා විසින්ම පසුගියදා නව ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය. රග්බි ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා රග්බි සමිමේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තාවකාලික කාර්ය ක්‍රමයක් වශයෙන් එකී සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම සඳහා නිකුත් කර ඇති අංක 2327/07 දරන හා 2023 අප්‍රේල් 11 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මෙයින් අවලංගු කරන බව නව ගැසට් පත්‍රයේ සඳහන් වේ. හිටපු ක්‍රීඩකයකු වූ චූලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම ස්ථාවරකරණ කමිටුව පත් කර තිබිණි.
427