ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබා දීමට වසරේ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආර්ථිකයේ යම් පිබිදීමක් සිදු වෙමින් පැවැතිය ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අර්බුදය තුළ සිටින බවයි. අදාළ ණය ඇපකර ලබා දීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි.
දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%කට සහ රැකියා නියුක්තියෙන් 45%කට දායකත්වය දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය රැක ගැනීම මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යාමේ ප්‍රධානතම සාධකයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය උදෙසා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා වූ තිරසර ව්‍යාපාරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමේ සංසදයට පසුගියදා එක් වෙමිනි.
එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ 2024 වන විට ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කරන අතර එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකත්වය වෙත ධනාත්මක ලෙස බලපානු ඇති බවයි. දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ බහුතරයක් කටයුතු අවසන් කර ඇතැයි ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සාර්ථිකව මුහුණ දෙමින් සිටින අතර විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවකින් පසුවන බව අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් සඳහන් කළේය.