වයස අවුරුදු දාහතේදී ඇල්බට් අයින්ස්ටයින් උසස් අධ්‍යාපනය සඳහා ස්විස් ෆෙඩරල් පොලිටෙක්නික් පාසලට ඇතුල් වීමට අපේක්ෂා කළේය. එකල විභාග ක්‍රමය වනාහි, පූර්ණ දැනුම මැන බැලීමක් විය. විද්‍යාව, ගණිතය වැනි ස්වභාවික විද්‍යා විෂයන් අයින්ස්ටයින් ඉහළින්ම ගොඩදාගත්තේ නමුදු ඉතිහාසය, භූගෝලය, ප්‍රංශ භාෂාව වැනි සමාජ විද්‍යා විෂයයන් අනාගත් හෙයින් ඒ ගමන අසාර්ථක විය. විභාග ප්‍රතිඵල ආ සැණින් අසමත් වූවන් සැනසීම සඳහා අප වහරන නම් තොගයක් වේ. වින්ස්ටන් චර්චිල්, හෙන්රි ෆෝඩ්, රිචඩ් බ්‍රැන්සන් වැනි කෙරුමෝ ද විභාග ෆේල් වූයේ නම් ‘විභාගයේ අසමර්ථභාවයට ඔබේ ගමන වැළැක්විය නොහැක’යන සාධනය අප ලබා දේ. ඒවා ධනාත්මක චින්තන දේශකයන්ට සමාජය ෆෝම් එකේ තබා ගැනීම සඳහා අනගි වන්නේය. මෙහෙ එකාලාට ඒ අනුව කළ හැක්කක් නැත. විභාගය යනු අපේ රටේ මධ්‍යම පන්තියේ සහ ඊට පහළ සියලු පන්තිවල දරුවන්ගේ ‘ඉරණම් පැවැත්ම සඳහා වන කඩඉමය’. ඒ තරමට මේ රටේ රැකියා වෙෙළඳ පොළ විභාග සඳහා කේන්ද්‍රීය වී තිබේ.
ශිෂ්‍යත්වයෙන් පටන් ගත් වන උසස් පෙළ දක්වා විභාග කියන්නේ අපේ ජීවන ගමන සපුරා තීරණය කරන කඩුලු පැනිල්ලය. එහෙම සංවේදීභාවයක් සහිත විභාග කියන්නේ දේශපාලන අවියක් ලෙස ද අවශ්‍ය විටක භාවිත කළ හැකි යමකි. එමෙහ කාරණා අල්ලාගෙන අස්ප ගුඩුකරන්නේ නැති වුවද දැන් කාලයක් තිස්සේ එක්තරා කල්ලියක් ඒ මත්තෙම හැප්පෙමින් සිටිති.
විභාගයක් පටන් ගත්දා සිට ඔවුන් ට්‍රයි කරන්නේ ‘ප්‍රශ්න පත්‍ර පිටවීම’ වැනි මාතෘකා පස්සේ පන්නන්නටය. කොතැනක හෝ සිදුවන වැරැද්දක් බලා ‘පුම්බන්නටය’. විභාග කොමසාරිස් ඇතුළු ඒ අංශයේ බලධාරීන්ගේ ඇඟට ගොඩවන්නටය.
කොවිඩ් ප්‍රශ්න සහ ආර්ථික අර්බුද මැද්දේ විභාග පැවැත්විය නොහැකි හෙයින් ඒවා කල් ගියේය. තත්ත්වය අවුල් විට කල් දාන ඒවා, හොඳ තත්ත්වයකදී ද කල් දාන්නේ නම් දිගින් දිගටම ‘අවුල කන්ටිනිව්’ වන හෙයින් කොතැනින් හෝ ‘පහුව් පහුව් වීමේ’ අවුල ලිහා ගත යුතුය. ඒ සඳහා එක් තැනකදී ‘කට්’ එකක් දීය යුත්තේය. ඒ තැන කියන්නේ ‘තත්ත්වය හොඳටම ආ පසු’ ලැබෙන අවස්ථාවය.
මේ අනුව මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීම සඳහා දින දී තිබුණි. එකවරම සුපුරුදු අගෝස්තුවට යනවා වෙනුවට මාස තුනක් පන්නා, කාලය ලබා දීමට සිදු වන්නේ ‘වසංගත සහ අර්බුද’ යන දෙකට අමතරව, දරුවන්ගේ අනාගතය නම් බෙල්ලට ඉල්ලීම් නම් වක් පිහිය තබා, ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරු ‘වර්ජනයක්’ කිරීමය.
2022 අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම එහෙම මාස තුනකට ප්‍රමාද වූ හෙයින්, ප්‍රතිඵල ආවේ සැප්තැම්බර් මාසයේය. මේ අනුව 2023 උසස් පෙළ විභාගය, 2023 නොවැම්බර් මස 27 දින ආරම්භ කර, දෙසැම්බර් මස විසි එකෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබුණි.
මේ අවුරුද්දේම ඔය වැඩේ ඉවර කර ගන්නවා කියන්නේ ලබන අවුරුද්දේ සිට ‘සුපුරුදු රිද්මයට’ යා හැකි බවය. ඒලෙවල් කියන්නේ පොදු විභාගයක් හෙයින්, කල් දැමීම සේම මේ ආකාරයෙන් පැවැත්වීම ද සියලු දෙනා හට පොදුය. දරුවෝ මේ ‘ඉක්මන ගැන’ කිව හැක්කේ මුත් එය දේශපාලන අවියක් නොව අධ්‍යාපනය නම් තත්ත්වය හමුවේ කිරා මැන බැලිය හැකිව තිබුණි. එසේ තිබියදී විපක්ෂය මෙය අතට ගත්තේ ‘ෆ්‍රෙෂ් වෝට්’ එකේ වාසිය බලාගෙනය. දහ අට පන්නා එන ‘නව ඡන්ද දායකයා’ දෙස ඇති කෑදරකම හේතුවෙන්, පරපුරු ගණනාවකගේ විභාග අද්දා දැමීම මේ වැනි අවස්ථාවාදීන්ට ආතල් පහය.
විපක්ෂයට කන් දෙනවා කියා, ලෙඩ අදින මවුපිය දරුවන් ද සනසන්න කියා විභාගය කල් දමා ‘එදා වේල ටුවර්’ එකක් ආණ්ඩුවට ද යන්නට තිබුණි. එහෙම කරා නම් දොස් නැත. එහෙම නොකර, බැණුම් අහගෙනම අධ්‍යාපන අමාත්‍යාංශය, මේ වසරේම ඒලෙවල් නිමා කරන්නට හදන්නේ ඇයි? විභාග කල් යාම හා ප්‍රතිඵල පමා වීම කියන්නේ විශ්වවිද්‍යාලයේ ආදී උසස් අධ්‍යාපන ආයතන සඳහා ප්‍රෙව්ශයද ප්‍රමාද වෙනවා කියන එකය. මෙහෙ නම් ඒවා ගැටලුවක් නැත. ඇතුල් වෙන එකා ද දේශපාලන හෙන්චයියන්ට රැවටී පෙළපාළි යන හෙයින් අවුරුද්දෙන් මාස හයක් පාරේය. හැබැයි ඉගෙන කියා ගන්නා දරුවන්ට ඒවා අදාළ නැති හෙයින් ඒ දක්ෂයා වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය. විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම, එම පාඨමාලා සඳහා ඉල්ලුම් කිරීම ආදිය ද මේ නිසා අල වන්නේය.
මේක හරියට හයිවේ එකේ ඇක්සිඩන්ට් එකක් වගේය. එකක් හැප්පුණු වහාම ‘පෙළක්’ හැප්පෙන්නේය.
ලබන වසරේ අප්‍රේල්වල 2023 තියන්නට තිබූ, සා. පෙළ පවත්වන්නට සූදානම් නමුත්, මේ පාර ඒලෙවල් කල් දැමුව හොත්, ඕලෙවල් විභාගය 2024 ජුනි දක්වා කල් යන්නේය.
ඔහොම ගියහම වැලට පත්තුවෙන හෙයින් වසංගතය සහ අහේනිය ඇති කරන ලද බලපෑම කවදාවත් නිමා වන්නේ නැත. ඉල්ලන්නේ අර්බුදය වුවද, රජයකට එහෙම කළ නොහැකිය. එකෙකු දෙන්නෙකුට අවශ්‍ය අර්බුදය ආහාරයට ගෙන ජීවත් වීම වුවද රටේ පොදු ජනයා එහෙම නොවේ. ඔය වැඩේ ඇදිලා ගියා කියන්නේ එකේ පන්තියට යන්න ඉන්න පොඩ්ඩාට, තව අවුරුද්දක් ගෙදර ඉඳන් ‘හබුන් කටයි – බත් දෙකටයි ‘ කරන්නට වෙනවා කියන එකය.
වැඩේ කියන්නේ, දේශපාලන අශ්ව කුලප්පුවට එකෙක් දෙන්නෙක් උඩ පනින විට සමස්ත සමාජයකම අනාගතය හෙල්ලෙන බව දැන දැන අනිත් එකාලා ‘අරුන්ට සංග්‍රහ’ නොකිරීමය.