Home » ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට වගකිව යුතු යැයි පෘතුගාලයේ තරුණ පිරිසක් රටවල් 32කට නඩු දමති

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට වගකිව යුතු යැයි පෘතුගාලයේ තරුණ පිරිසක් රටවල් 32කට නඩු දමති

by sachintha
September 28, 2023 1:00 am 0 comment

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කට වඩා අවම මට්ටමක රඳවා ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පෘතුගාලයේ තරුණ කණ්ඩායමක් රටවල් 32කට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තරුණ පිරිස මේ වනවිට සිය චෝදනාව මේ වන විට මානව හිමිකම් සඳහා වන යුරෝපා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර, එය සාර්ථක වුවහොත් ලොව රටවල් රැසකට නීතිමය වශයෙන් ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2017දී පෘතුගාලයේ හටගත් ළැව් ගින්න හේතුවෙන් පුද්ගලයන් 100කට වඩා මිය ගිය අතර, එම ඛේදනීය අත්දැකීමට මුහුණ දුන් පෘතුගාලයේ එකම පවුලක 24 හැවිරිදි ක්ලෝඩියා ඩුවාර්ටේ සහ ඇගේ බාල සොහොයුරා වන 20 හැවිරිදි මාටිම් සහ බාල සොහොයුරිය වන 11 හැවිරිදි මරියානා ඇතුළුව තරුණ පිරිසක් මේ නීතිමය පියවර ගෙන තිබේ. ඔවුන් නඩු පැවරූ රටවල් අතර බ්‍රිතාන්‍යය, නෝර්වේ, රුසියාව, ස්විට්සර්ලන්තය, ටර්කිය සහ යුරෝපා සංගමය ද ඇතුළත් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT