චන්ද්‍ර දින නිමාවට පෙර ලෑන්ඩරය අවදි කිරීමේ උත්සාහයක්
ඉන්දියාවට ඓතිහාසික වාර්තාවක් අත්කර දෙමින් චන්ද්‍රයාන් – 3 රොකට්ටුවෙන් සඳට ගිය වික්‍රම් ලෑන්ඩරය සහ ප්‍රග්‍යාන් රෝවරය නව චන්ද්‍ර දින උදාවෙන් පසු මෙතෙක් සක්‍රීය නොවීම හේතුවෙන් බලාපොරොත්තු හීන වෙමින් පවතින බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය සඳහන් කර ඇත්තේ එක් චන්ද්‍ර දිනයක නිමාවෙන් පසු බැටරිවල ශක්තිය ඉතිරි කර ගැනීමට ලෑන්ඩරය සහ රෝවරය ස්වයංක්‍රීයව අක්‍රිය වන බවය.
කෙසේ වෙතත් පසුගිය 22 වැනිදා නව චන්ද්‍ර දිනය උදා වුවද, ලෑන්ඩරය සහ රෝවරය යළි සක්‍රිය වී නැති අතර, අභ්‍යවකාශ ඒජන්සියට කිසිදු ප්‍රතිචාරයක් ලබාදීමට සමත් වී නැතැයි වාර්තා වේ. එසේ වුවද චන්ද්‍ර දිනයක් වනු පෘථිවියේ දින 14ක කාලයක් වන බැවින් එය සම්පූර්ණ වීමට පෙර ලෑන්ඩරය සහ රෝවරය යළි පණ ගැන්වීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වේ.