ඉතිහාසයේ පළමුවතාවට උඩු ගුවනේ මෝටර් රථ පැදවීමේ අත්දැකීම ලබා දෙමින් වසර 2025දී ‘පියාඹන මෝටර් රථ‘ ලොවට හඳුන්වා දීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකොන් වැලි ප්‍රදේශය කේන්ද්‍ර කරගත් ඇලේෆ් ඒරෝනෝටික්ස් සමාගම කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මගීන් දෙදෙනකුට ගමන් කළ හැකි පරිදි නිපදවා ඇති මේ විදත් පියාඹන මෝටර් රථය එතෙක් මෙතෙක් ජාත්‍යන්තර තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක් බව වාර්තා වේ. එය ‘Model A‘ නමින් වර්ගීකරණය කර ඇති අතර, ඉදිරි අනාගතයේදී ‘Model Z‘ නමින් පුද්ගලයන් සිවුදෙනකුට ගමන් කළ හැකි වර්ගයේ පියාඹන මෝටර් රථ නිෂ්පාදනය කිරිමට ඇලේෆ් ඒරෝනෝටික්ස් සමාගම සැලසුම් කර තිබේ.
‘පියාඹන මෝටර් රථය තවමත් පාරිභෝගිකයන්ට සරිලන ආකාරයෙන් හැඩ ගැස්වීම අවසන් කර නැති බවත්, එය වසර 2025දී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් එම සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජිම් ඩුකොව්නි ප්‍රකාශ කළද, දැනටමත් ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මහා මාර්ගයේ සැතපුම් 200ක් සහ උඩුගුවනේ සැතපුම් 110ක් ආවරණය කිරීමේ හැකියාව සහිත එම විදත් පියාඹන මෝටර් රථයට අමෙරිකාවේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ විශේෂ ගුවන් යෝග්‍යතා සහතිකය ද ලැබී ඇතැයි සඳහන් වේ.