අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ‘කමාන්ඩර්’ නමැති බලු සුරතලා පසුගියදා ධවල මන්දිර පරිශ්‍රයේදී ඔත්තු සේවා නිලධාරියකු සපා කෑමේ පුවතක් ‘යාහූ‘ පුවත් සේවය වාර්තා කළේය.
බයිඩ්න් පවුලේ සුරතලා වන දෙහැවිරිදි මේ ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයා ධවල මන්දිරයේදී හෝ ජනාධිපතිවරයාගේ නිවෙසේදී ආරක්ෂක නිලධාරියකු සපා කෑ 11 වැනි වතාව මෙය බව ද වැඩිදුරටත් වාර්තා වේ. මේ සිදුවීම වී ඇත්තේ පසුගිය සඳුදා රාත්‍රී කාලයේදීය. පසුව එම නිලධාරියා සිය ප්‍රධානියාට සිදුවිම වාර්තා කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
පසුගිය ජූලි මාසයේදී ද ‘කමාන්ඩර්‘ගේ ප්‍රහාරයට ඔත්තු සේවා නිලධාරියකු ගොදුරු වීමෙන් පසු එම බලු සුරතලා පුහුණු කිරිමට නව ක්‍රමවේදයක් ආරම්භ කර තිබුණද, එය මෙතෙක් සාර්ථක වී නැති අතර, මේ සම්බන්ධව ජනාධිපති ආර්යාව ප්‍රකාශ කර ඇත්තේ ‘කමාන්ඩර්‘ පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වී ඇති බවය.
‘කමාන්ඩර්‘ගේ ප්‍රහාරයට දෙවතාවක් ගොදුරු වූ ඇතැම් ඔත්තු සේවා නිලධාරින් ද ධවල මන්දිරයේ සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ සුනඛයා පසුගිය වසරේ දෙසැම්බරයේදී එක් ඔත්තු සේවා නිලධාරියකු සපා කා ඇත්තේ ජනාධිපතිවරයා ඉදිරියේදීමය.
මීට පෙර ධවල මන්දිරයේ සිටි බයිඩ්න් පවුලේ තවත් බලු සුරතලකු වන ‘මේජර්‘ ද මෙසේ ආරක්ෂක නිලධාරීන් සපා කෑමේ සිදුවීම් වාර්තා වීමෙන් පසු එම බලු සුරතලා ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර, ‘කමාන්ඩර්‘ ධවල මන්දිරයට පැමිණ ඇත්තේ ඉන් පසුවය.