මෙවර මාස් කන්නයේ වගා සැලැස්මට අනුව ජලය මුදා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ජාතික වැදගත්කමක් ඇති ජල කළමනාකරණ කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වගකිවයුතු නිලධාරීන් රැසක් සහභාගි නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ මහතා අදාළ රැස්වීම් අවසානයේ දැඩි අප්‍රසාදය පළ කරනු ලැබීය.
2023 මහ කන්නය සඳහා වන ජල කළමනාකරණ කමිටු රැස්වීම පෙරේදා (27) ගන්නෝරුවේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“සාමුහික වගකීම කැබිනට් මණ්ඩලයට පමණක් සීමා වන්නේ නෑ. එය රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත පද්ධතියේ තිබිය යුතුයි.වසරකට දෙවතාවක් පැවැත්වෙන ජාතික වශයෙන් ඉතාමත්ම වැදගත් රැස්වීමකට වගකිවයුතු නිලධාරීන් සහභාගි නොවීම කනගාටුවට කරුණක්. ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්, දිසාපතිවරුන් නොමැතිව සාකච්ඡා කර තීරණ ක්‍රියාත්මක කිරීම ගැටලුවක්.”
හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, නුවරඑළිය, වවුනියාව ඇතුළු සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයන් මේ රැස්වීමට සහභාගි වී සිටියහ. පැමිණ සිටි ඇතැම් රාජ්‍ය නිලධාරීන් සාකච්ඡාව සිදු වෙමින් තිබෙන අවස්ථාවේ ඊට සවන් නොදී ජංගම දුරකතනය ඔස්සේ මුහුණ පොතේ සැරිසැරීම හේතුවෙන් ගොවි සංවිධාන නියෝජිතයෝ ඊට දැඩි අප්‍රසාදය පළ කර සිටියහ. හදිසි රාජකාරි අවශ්‍යතාවක් හේතුවෙන් මේ රැස්වීමට තමන්ට සහභාගි වීමට නොහැකි බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා දැනුම්දී තිබිණි. ගොවි ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමැති රොෂාන් රණසිංහ මහතා දුරකතනයෙන් කෘෂිකර්ම ඇමැතිවරයා හා සම්බන්ධ වීමට ගොවි ජනතාවට අවස්ථාව සලසා දුන්නේය.
අසේල කුරුළුවංශ