Tuesday, December 5, 2023
Home » ජය ශ්‍රී මහා බෝධිය අබියසදී යුද හමුදා සියලු ධජයන් ආශීර්වාද ගන්වමින්…

ජය ශ්‍රී මහා බෝධිය අබියසදී යුද හමුදා සියලු ධජයන් ආශීර්වාද ගන්වමින්…

by sachintha
September 28, 2023 1:00 am 0 comment

74 වැනි යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා සියලු ධජයන්ට ආශීර්වාද ගැන්වීම ඊයේ (27) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සිදු කෙරිණි.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් යුද හමුදාපති ලුතිනන් ‍ෙජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පුණ්‍ය උත්සවය පැවැත්විණි. මීට අමතරව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාවට මහජන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් සහ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂක කුටිය විවෘත කිරීම ද සිදු කෙරිණි. යුද හමුදාපතිවරයා විසින් අටමස්ථානාධිපති හිමියන්ගෙන් ආශීර්වාද ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා ධජය හා එම බල ගණයන්ට අයත් ධජයන් සහිත පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පැදකුණු කිරීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස තැන්පත් කර ආශීර්වාද කරනු ලැබීය. මෙහිදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් සියලුම යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 10ක් අටමස්ථානාධිපති වහන්සේ වෙත පූජා කිරීම යුද හමුදාපතිවරයා අතින් සිදු කෙරිණි.

මේ ආගමික වැඩසටහනට අටමස්ථාන නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සංජීව වනසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද එක්ව සිටියහ.

ඡායාරූපය – අනුරාධපුර අතිරේක

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT