Tuesday, December 5, 2023
Home » කුරුවිට පැරඩයිස් වැවේ සංවර්ධනය ඇරඹීමට අවශ්‍ය බලය දෙනවා

කුරුවිට පැරඩයිස් වැවේ සංවර්ධනය ඇරඹීමට අවශ්‍ය බලය දෙනවා

-රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අකිල එල්ලාවල

by sachintha
September 28, 2023 1:00 am 0 comment

සාකච්ඡා, රැස්වීම්, විරෝධතා නැති බවත්, අද සිටම කුරුවිට පැරඩයිස් වැවේ සංවර්ධන වැඩ ආරම්භ කිරීමට සම්බන්ධ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බලය දෙන බවත්, විවිධ බලපෑම් නිසා වසර දෙකකට අධික කාලයක් ප්‍රමාද වී ඇති මේ වැවේ සංවර්ධන කටයුතු සිදුවන්නේ රටේ ජාතික වැඩසටහනක් ලෙස ඉතාමත් විනිවිදභාවයෙන් බවත් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අකිල එල්ලාවල මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (26) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ගොවි සංවිධාන සහ සමෘද්ධි සමිති නිලධාරීන් ඇතුළු මේ වැවේ සංවර්ධනයට විරුද්ධ මත දරන පිරිසගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේදීය.

කුරුවිට – කේ.ඒ. සුනිල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT