Home » වෛද්‍ය බන්දුල සිරිවර්ධනගේ ‘ඉරණමේ හෝරාව’ ජනගත කරමින්…

වෛද්‍ය බන්දුල සිරිවර්ධනගේ ‘ඉරණමේ හෝරාව’ ජනගත කරමින්…

by sachintha
September 28, 2023 1:00 am 0 comment

වෛද්‍ය බන්දුල සිරිවර්ධන මහතා විසින් ග්‍රන්ථයේ පළමු පිටපත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිස්ස ප්‍රේමසිරි මහතාට පිළිගැන්වූ අයුරු.

වතුපිටිවල මූලික රෝහලේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයකු වන ප්‍රවීණ ලේඛක, වෛද්‍ය බන්දුල සිරිවර්ධන මහතා විසින් රචිත ‘ඉරණමේ හෝරාව’ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය පසුගිය 23 වැනිදා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එංගලන්තයේදී 1866.11.01 වැනිදා උපත ලබා ඇති එරට හිටපු ගණිත විද්‍යාඥයකු, හස්ත රේඛා ශාස්ත්‍රය ප්‍රගුණ කරන ලද විද්‍යාඥයකු වන කවුන්ට් හැමන් ලුවිස් හෙවත් කයිරෝ මහතාගේ ජීවන ගමනේ අත්දැකීම් අනුසාරයෙන් මේ ග්‍රන්ථය රචනා කර ඇත.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිස්ස ප්‍රේමසිරි මහතාට මේ ග්‍රන්ථය මුලින්ම පිළිගැන්විණි. මෙහිදී බන්දුල සිරිවර්ධන මහතාගෙන් හස්ත රේඛා ශාස්ත්‍රය ඉගෙන ගත් පිරිසකට සහතික සහ සම්මාන ප්‍රදානය ද සිදු කරනු ලැබීය. වේයන්ගොඩ, පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ සහ විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ශීලා එගොඩදෙණිය මහත්මිය ඇතුළු කිහිප දෙනකු උත්සව සභාව ඇමැතූහ.

මේ අවස්ථාවට සුබසෙත කර්තෘ අරුණි මුතුමලී මහත්මිය ඇතුළු ලේඛන කලාවට සම්බන්ධ මහත්ම මහත්මීහු සහභාගි වූහ.

වේයන්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT