Tuesday, December 5, 2023
Home » නබි නායකතුමාගේ උපන් දිනය අද

නබි නායකතුමාගේ උපන් දිනය අද

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මද් නබි නායකතුමාගේ උපත යෙදෙන මිලාද් අන් නබි උත්සවය අදට (28) යෙදී තිබේ.
ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සවුදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමාණෝ උපත ලැබූහ.

සියලු මනුෂ්‍යයන් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ. මුහම්මද් නබි නායකතුමන් ක්‍රි.ව. 570දී සවුදි අරාබියේ මක්කා නගරයේදී උපත ලැබූ අතර එතුමන් ක්‍රි.ව. 632දී සවුදි අරාබියේ මදීනා නගරයේදී අභාවප්‍රාප්ත විය.

මුහම්මද් නබි නායකතුමාණෝ මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙනදෙන අංගසම්පූර්ණ ජීවන ක්‍රමයක් ඉස්ලාම් දහම මඟින් ලොවට දායාද කළහ. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැඟීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරති.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT