250
පාර්ලිමේන්තුවේ 225 දෙනා එකට එකතු වුවහොත් මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් තොර රටක් ගොඩනැඟිය හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වී.අයි.පී. වරප්‍රසාද භාවිත කර ගුවන්තොටුපොළින් රත්රන් ගෙන ආ මන්ත්‍රීවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව විරුද්ධ වී යෝජනාවක් ගෙන ආ සේ අප රට මත්පැන්, දුම්කොළ, දුම්වැටි භාවිතයෙන් මුදා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
රක්ෂණ ශ්‍රියන්ත