Home » ලක්ෂයකට අඩු තැන්පතු පොලී සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි රඳවාගැනීමේ බද්ද ඉවතට

ලක්ෂයකට අඩු තැන්පතු පොලී සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි රඳවාගැනීමේ බද්ද ඉවතට

-විස්තර දැනගැනීමේ දුරකතන අංකය - 1944

by sachintha
September 28, 2023 1:00 am 0 comment

රුපියල් ලක්ෂයකට අඩු පොලී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ද නිසා මෙතෙක් මුහණ දීමට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලබා දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

මෙම ගැටලු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකතන අංකයක් ද වෙන් කර ඇති බව හෙතෙම කියා සිටියේය.

මේ දක්වා රුපියල් ලක්ෂයකට අඩු මාසික පොලී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොලී මුදල් ලබාගත හැකි වූයේ වසරක් ගතවීමෙන් පසුවයි. ඊයේ දිනයේදී නිකුත් කළ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවූවද රුපියල් ලක්ෂයට අඩු වාර්ෂික පොලී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පොලී මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයකු ද පත් කර ඇති බව ඒ මහතා පැවැසීය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT