ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව එය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වැනි දින සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැඟෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන අතර බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය (eRL 1.0) ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ඒ අනුව, දිවයින පුරා සියලු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2023 සැප්තැම්බර් මස 27 සහ ඔක්තෝබර් මස 02 යන දිනවල තාවකාලිකව නතර කර තිබෙන අතර මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම ද 2023 ඔක්තෝබර් මස 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12 දක්වා තාවකාලිකව නතර කෙරෙන බව ද එම නියෝජිතායතනය කියා සිටී.
මහින්ද අලුත්ගෙදර
400