Saturday, May 10, 2025
Home » වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන ඩිජිටල් ක්‍රමය පළාත් 8ක ඔක්. 3දා සිට ක්‍රියාත්මකයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන ඩිජිටල් ක්‍රමය පළාත් 8ක ඔක්. 3දා සිට ක්‍රියාත්මකයි

by sachintha
September 28, 2023 12:02 am 0 comment

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව එය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වැනි දින සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැඟෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන අතර බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය (eRL 1.0) ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ඒ අනුව, දිවයින පුරා සියලු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2023 සැප්තැම්බර් මස 27 සහ ඔක්තෝබර් මස 02 යන දිනවල තාවකාලිකව නතර කර තිබෙන අතර මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම ද 2023 ඔක්තෝබර් මස 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12 දක්වා තාවකාලිකව නතර කෙරෙන බව ද එම නියෝජිතායතනය කියා සිටී.
මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT