ලංකා සතොස ආයතනයේ විශ්රාම ගිය සේවකයන් 146 දෙනාට අදාළව බේරුම්කරණ ප්රදානයට ප්රකාරව ඇති කරගත් එකඟතාව අනුව ගෙවිය යුතු රුපියල් මිලියන 24කට අධික මුදල අධිකරණයේ තැන්පත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ලංකා සතොස ආයතනයට ඊයේ (27) නියෝග කළේය.
ඊට අදාළව ගෙවිය යුතු ලේඛනය සකස් කර ඊයේම අදාළ මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසත් මහේස්ත්රාත්වරයා නියෝග කළේය. කම්කරු කොමසාරිස්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීති නිලධාරීන් සිදු කළ ඉල්ලීමට අනුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය සිදු කළේය. එමෙන්ම මේ වන විට සේවයේ නියුක්තව සිටින ඉදිරියේදී විශ්රාම යෑමට නියමිත සේවකයන් 346 දෙනාට අදාළ ගෙවිය යුතු පාරිතෝෂිකය ගණනය කර වාර්තාවක් ගොනු කරන ලෙස කම්කරු කොමසාරිස්වරයාට නියෝග කර සිටි මහේස්ත්රාත්වරයා එම මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස ලංකා සතොස පාලනාධිකාරියට නියෝග කර සිටියේය.
සුභාෂිණී සේනානායක