367
මාර්ගයේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් තොරතුරු මහජනයාගෙන් ලබා ගැනීමට e traffic police app එක හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අවධාරණය කරයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධව තාක්ෂණය ඔස්සේ මෙම කටයුතු සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය. මේ අනුව මාර්ගය භාවිත කරන රියැදුරන්ට පදිකයන් සහ මගීන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ඡායාරූප ලෙස හෝ වීඩියෝ ලෙස මෙම ඇප් එකට යොමු කරන ලෙසට ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය.
සුභාෂිණී සේනානායක