Home » රාවණා ඇල්ලේ නිදන් සෙවූ හතරක් කොටු

රාවණා ඇල්ලේ නිදන් සෙවූ හතරක් කොටු

by sachintha
September 28, 2023 1:00 am 0 comment

රාවණා ඇල්ල අභය භූමිය තුළ පිහිටි ගල්ලෙනක් තුළ නිදන් හෑරීමේ යෙදී සිටි බව කියන පුද්ගලයන් හතරදෙ‍ෙනකු ඒ සඳහා යොදාගත් විදුලිජනක යන්ත්‍ර, හැමර් සහ පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් සමඟින් 23 වැනි දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ඇල්ල වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මහියංගණය, මකුල්ඇල්ල සහ වැලිමඩ පදිංචි වයස අවුරුදු 24, 34 සහ 35 වියේ පසුවන අයවලුන් බව ද එම කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය. වනජීවි නිලධාරීන් විසින් ඇල්ල අභයභූමියට අයත් පහළ ඇල්ල ප්‍රදේශයේ මුර සංචාරයක යෙදෙන අවස්ථාවේ මෙම සිද්ධිය නිරීක්ෂණය වීමෙන් පසු වැටලීම සිදුකර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරී චවිදු බුලත්සිංහල මහතා පැවසීය.

වැටලීම සිදුකරන අවස්ථාව වන විට එම ගල්ලෙන තුළ අඩි 15කට වඩා ගැඹුරට කැණීම් සිදුකර තිබුණි.

ඇල්ල වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වන සත්ත්ව අඩවි අරක්ෂක ඩී. එම්. එස්. කේ. දිසානායක මහතාගේ උපදෙස් මත ඩී. එස්. සී. එස්. බුලත්සිංහල, කේ. පී. කේ. කරුණාරත්න, යූ. කේ. ප්‍රදීප් සහ ඩී. එම්. එස්. එන්. දිසානායක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබූ අතර, සැකකරුවන් සහ නඩු භාණ්ඩ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව වන සත්ත්ව අඩවි ආරක්ෂක චවිදු බුලත්සිංහල මහතා තවදුරටත් පැවසීය.

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT