Saturday, May 10, 2025
Home » මඩවල බසාර් මුස්ලිම් තරුණ සංගමයේ ලේ දන්දීම අද

මඩවල බසාර් මුස්ලිම් තරුණ සංගමයේ ලේ දන්දීම අද

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ජාතික මිලාද් දිනය නිමිත්තෙන් මහනුවර – මඩවල බසාර් මුස්ලිම් තරුණ සංගමය 17 වෙනි වරටත් ලේ දන්දීමේ කඳවුරක් මේ මස 28 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එම සංවිධානයේ සමස්ත ලංකා ජාතික සභාපති අල්හාජ් ඉහ්සාන් ඒ. හමීඩ් මහතා සමඟ ඥානසම්පන්දන් රාජේන්ද්‍රන් මහතා හා මඩවල බසාර් මුස්ලිම් සංගමයේ සභාපති අල්හාජ් ඒ. එල්. එම්. රිෂාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා මඩවල සන්ෂයින් උත්සව ශාලාවේ දී ලේ දන්දීමේ වැඩසටහන පැවැත්වේ. එදින ලේ පරිත්‍යාග කරන පුද්ගලයන් සඳහා සහතිකපත් සහ සමරු තිළිණ බෙදා දීමක් ද මෙදින සිදු කෙරේ.

ගලහ සමූහ – සී.කේ. වික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT