Saturday, May 10, 2025
Home » ආබාධිත රණවිරුවාට රණවිරු සේවා අධිකාරියෙන් නව නිවෙසක්

ආබාධිත රණවිරුවාට රණවිරු සේවා අධිකාරියෙන් නව නිවෙසක්

-නි‍ෙවසේ යතුර රණවිරුවාට සංකේතවත්ව රණවිරු සේවා අධිකාරිය මඟින් භාර දෙන අයුරු.

by sachintha
September 28, 2023 1:00 am 0 comment

රණවිරු පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ඉදිකිරීමේ වැඩසටහනට සමගාමිව රණවිරු සේවා අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සාදා නිම කරන ලද නව නිවෙසක් ආබාධිත රණවිරුවකුට ඉකුත් 22 වැනිදා මොරගොල්ලාගම, නිකවැව ප්‍රදේශයේ දී පරිත්‍යාග කෙරුණි.

කුරිරු යුද්ධය පැවැති අවදියේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ආබාධිත වූ 6 වැනි ශ්‍රී ලංකා පාබළ හමුදාවේ කෝප්‍රල් එච්.එම්. තිලකරත්න රණවිරුවාට, තම බිරියට, දියණියකට හා පුතුන් දෙදෙනකුට නව නිවෙසට යාමේ භාග්‍යය මෙදින උදා විය. නිවස සාදා ගැනීමට සරෝජිනී මුණසිංහ හා හේමාල් මුණසිංහ දානපති යුවළ විසින් ආධාර උපකාර කර තිබූ අතර, නව නිවෙසට ගෙවැදීමේදී ඊට අවැසි ගෘහ භාණ්ඩ පවා ඔවුන් විසින්ම ගෙනැවිත් භාර දෙන ලදි. නිවෙස භාර දෙන අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දන ‍ සේනාධීර, අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක ඇතුළු රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්, දානපති යුවළ හා රණවිරුවාගේ පවුලේ ඥාතීන් ද එක්ව සිටියහ. නිවෙසට ගෙවැදීමේදී සෙත් පිරිත් සජ්ඣායනය සඳහා නිකවැව, ගම්පහ, දිවිගන්දහා දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක දළදාගම

ධම්මසිද්ධි හිමියන් ඇතුළු සංඝරත්නය වැඩම කර සිටි අතර ආරාධිතයින් පිළිගැනීම සඳහා නිකවැව සාලියකුමර විදුහලේ සිසු දරුවන් එහි පැමිණ සිටියහ.

පොල්පිතිගම – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT