Home » ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හා වලහන්දූව ජනාධිපති බාලිකාවට

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හා වලහන්දූව ජනාධිපති බාලිකාවට

by sachintha
September 28, 2023 1:00 am 0 comment

නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයට 60 වසරක් සපිරීම නිමිත්තෙන් විද්‍යාලයීය ක්‍රීඩා අංශය, හොකී සංගමය සහ ආදි ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කළ වයස අවුරුදු 14 න් පහළ ගාල්ල දිස්ත්‍රික් අන්තර් පාසල් හොකී තරගාවලිය විජිත හොකී කානිවල් ලෙස නියාගම වෘත්තීය පුහුණු ක්‍රීඩාංගණයේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ.

ගාල්ල දිස්ත්‍රික්කයේ හොකී ක්‍රීඩාව පවත්වාගෙන යන පාසල් 13ක බාලක බාලිකා හොකී කණ්ඩායම් දහඅටක තරඟකරුවන් හාරසියයක් පමණ මෙම තරගාවලියට සහභාගි වූහ.

මෙහිදී රන්තරු සමස්ත බාලක ශූරතාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය දිනාගනිද්දී බාලිකා රන්තරු සමස්ත ශූරතාව වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය දිනාගනු ලැබීය. නගරයේ පාසල්වලට පමණක් සීමා වී තිබූ හොකී ක්‍රීඩාව ගමේ දරුවන්ට ද ලබාදීමේ අරමුණින් සහ විද්‍යාලයේ ක්‍රීඩාව ප්‍රවර්ධනය වෙනුවෙන් මෙය සංවිධානය කළ බව විජිත විද්‍යාලයේ විදුහල්පති රෝහණ විජේසේකර මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් පාසල් හොකී සංගමයේ සභාපති ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ විදුහල්පති නයනප්‍රිය පෙරේරා මහතා විසින් ජයගත් කණ්ඩායම් වෙත කුසලාන පිරිනැමූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT