274
34 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ බීච් වොලිබෝල් ජාතික තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ මැදවච්චිය උදාර ශ්‍රීනාත් පුෂ්පදෙණිය සහ හර්ෂ සඳුන් බණ්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනාට හැකි විය.
පසුගිය 23-24 දිනයන්හි හෙයියන්තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේදී එම තරග පැවැත්වුණි. වෙරළක් නොමැති මැදවච්චියේ පදිංචි මෙම ක්‍රීඩකයින් දෙදෙනා හට පුහුණුකරු ලෙස සුරේෂ් ජයසේන මහතා කටයුතු කළ අතර, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්. සී. මලවිආරච්චි මහත්මිය පුහුණුවීම් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්නාය.
කැබිතිගොල්ලෑව සමූහ එස්. ජී. උබේපාල