ලබන මස පළමුවනදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව නාඋල පොලිස් ස්ථානය මඟින් තොරාගනු ලැබූ පාසල් තුනක දරු දැරියන් 143 දෙනකු සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩමුළුවක් පසුගිය දා බෝවතැන්න ජලාශයේ දී පැවැත්විණි.
පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා පැවැති මෙම වැඩසටහන සඳහා නාඋල ශ්‍රී නාග ජාතික පාසල, නාලන්ද මහා විද්‍යාලය හා නිකුල බිබිල කනිෂ්ඨ විද්‍යාල යන පාසල් ත්‍රිත්වයේ දූ දරුවන් සහභාගි වූහ.
ජීවිතාරක්ෂක දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම වැඩසටහනේ දී පිහිනුම් හා ජීවිතාරක්ෂක සේවයේ ඇති වැදගත්කම, ජලයට බැසීමට පෙර හා පසු සිහි තබාගත යුතු කරුණු, දිය අනතුරකට ලක් වූවෙකු හඳුනාගැනීම, හා ආධාර වන ආකාරය ජීවිතාරක්ෂකයකු දියට බැසීමෙන් හා නොබැසීමෙන් ජීවිතයක් ගලවා ගැනීම ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්වීම, හදිසි අනතුරක දී ප්‍රථමාධාර ලබාදීම, ප්‍රායෝගික පිහිනුම් ක්‍රම පුහුණු කිරීම, දිය මත හුස්ම පාලනය, දිය මත පාවීමට හුරු කිරීම, අත් පා හුරු කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙහිදී ක්‍රියාවට නැංවිණි.
නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් හා සහභාගීත්වය යටතේ, නාඋල පොලිසියේ කාන්තා පොලිස් පරීක්ෂක මොරගොල්ල, කොස්තාපල්වරුන් වන අබේකෝන් (22532), සුරංජිත් (22607), උපාලි (53837), කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන ඉනෝකා (8686), දිල්ශානි (9796), දඹුල්ල පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ, සැරයන්වරුන් වන රුවන් (33857), පියල් (51595), මාතලේ පොලිස් ස්ථානය නියෝජනය කරමින් කොස්තාපල් රත්නායක (59972) සහ ගලේවෙල පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් සමන් (567) යන මහත්ම මහත්මීන් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.
නාඋල සමූහ