විවෘත කරන්න ඕනෑ යතුරු දෙක තිබුණේ දෙතැනක
විවෘත කරන්න ඕනෑ යතුරු දෙක තිබුණේ දෙතැනක
සොරා ගත් මුදල ලක්ෂ 15කට ආසන්නයි
ගෙනියන්න හැදූ ටැබ් පරිගණකය දාලා ගිහින්
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව විවෘත කර පෙරේදා (26) මුදල් රැගෙන ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය පැවසීය. දෙපළක තිබූ යතුරු දෙකකින් සේප්පුව විවෘත කර ෙම් ෙසාරකම සිදු ෙකාට තිබීම විෙශ්ෂත්වයකි.
පොලිසිය කියා සිටියේ, ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නැඟෙනහිර දෙසින් ඇතුළුවන වීදුරු සවිකර ඇති දොර කඩා කාර්යාලයට ඇතුළු වී සරප් අංශයේ ද ජනෙල් කඩාගෙන එම අංශයට ඇතුළු වී සේප්පුවට අදාළ යතුරුවලින්ම සේප්පුව විවෘත කර සේප්පුවේ තිබූ මුදල් රැගෙන ගොස් ඇති බවයි. රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණය කොතෙක් ද කියා තවමත් ගණනය කර නොමැති අතර, රුපියල් ලක්ෂ 12 හෝ 15ක් විය හැකි බවට අනුමාන කරන බවද කාර්යාල නිලධාරීහු පවසති.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ටැබ් පරිගණක යන්ත්‍රයක් ද රැගෙන යෑමට ගෙන එය දමා ගොස් ඇති බවද පොලිසිය කීය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා එක් ආරක්ෂක නිලධාරියෙක් පමණක් රාජකාරියේ යොදවා තිබී ඇති අතර, ඊයේ (27) උදේ කාර්යාලයේ යතුරු භාරකරු විසින් පොලිසියෙන් යතුරු රැගෙන කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී දොරේ විදුරු කඩා ඇති බව දැක ඒ බව ප්‍රාදේශීය ලේකම්තුමියට දැනුම් දීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත. පසුගිය කාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති අම්බලන්තොට මහා විද්‍යාලයේ ද දොර ජනෙල් කඩා මෙලෙස පරිගණක යන්ත්‍ර සොරකම් කර තිබිණි. ෙම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.
ලුණම සමූහ – සනත් ගමගේ