ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා උප කාර්යාලයක් විවෘත කිරීම පෙරේදා (26) හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී එම කොමිසමේ කොමසාරිස් අධි නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් සිදු කෙරිණ.
වතු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මධ්‍යම පළාතේ මහනුවර පිහිටි කාර්යාලය වෙත යෑමට සිදු වන බැවින් හැටන් සහ නුවරඑළිය ජනතාවට තම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා හැටන් නගරයේ මෙසේ කාර්යාලයක් ස්ථාපනය කළ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී මහනුවර විරන්ජන් ඩයස් සුමනසේකර මහතා කියා සිටියේය.
ඉදිරියේදී සතියකට දිනක් පැමිණිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ජංගම සේවයක් නුවරඑළිය නගරය කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් අධි නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උප කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට හැටන් පොලිස් අධිකාරී නිපුන දෙහිගම මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක්, සිවිල් සංවිධාන රැසක සමාජිකයන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.
හැටන් – රංජිත් රාජපක්ෂ