184
පසුගිය 26 දින සවස 6ට පමණ අංගොඩ සුපිරි වෙෙළඳ සලක් ආසන්නයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු මඟී බස් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මියගිය බව මුල්ලේරියාව පොලිසිය කියයි.
අංගොඩ සිට කැලණිය දෙසට ගමන් කරමින් සිටි මෙම පුද්ගලයාගේ යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථයක පසුපස ගැටීමෙන් විසිවී මහාමාර්ගයේ ඇද වැටී තිබේ.එම අවස්ථාවේදී පිටුපසින් පැමිණි මාර්ග අංක 164 බස් රියේ රෝදයකට යටවී හිසට බරපතළ තුවාල සිදුවී එම ස්ථානයේදීම මරණයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය වනවාසල ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු කවිෂ්ක නමැති 18 හැවිරිදි තරුණයෙකි.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ