Home » පොලිසිය දැක පලා යන්න හැදූ සැකකරුගේ බෑගයේ ජීව අත්බෝම්බයක්

පොලිසිය දැක පලා යන්න හැදූ සැකකරුගේ බෑගයේ ජීව අත්බෝම්බයක්

by sachintha
September 28, 2023 1:00 am 0 comment

රාගම නගරයේ සිරිවර්ධන මාර්ගය අසලදී දේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු (26) දින අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොටුගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සදහන් කරයි.

මහපාරේ සැකසහිත ලෙස හැසිරුණ සැකකරු පොලිස් නිලධාරීන් දෑක පලායෑමට උත්සාහ දරා ඇති අතර සැකකරු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහු කරේ දමා ගෙන තිබූ ගමන් බගය තුළ තිබී මෙම අත්බෝම්බය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය වැඩිදුරටත් කියයි.

සැකකරු වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කැලණිය කොට්ඨාස 111 සහකාර පොලිස් අධිකාරි ඒ.පි.එන්.ජී. ගුණතිලක මහතාගේ අධීක්ෂණය යටතේ රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල් වරුන් වන (79574) සදුන්, (79998) පෙරේරා, (27096) උපනන්ද, (90436) අනුරුද්ධ (67675) මහින්ද යන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.

ජාඇළ විශේෂ තිස්ස කොටින්කඩුව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT