කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති සීතා අබේසේකර මහත්මිය කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය වෙත සංකේතාත්මකව වෛද්‍ය උපකරණ කට්ටලයක් ප්‍රදානය කරන අයුරු.
කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ ශිෂ්‍යාවන් පිරිසක් පෙරේදා (26) කෑගල්ල මහ රෝහලට රුපියල් ලක්ෂ 15ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කළ බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.
කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති සීතා අබේසේකර ලේකම් යමුනා විතානගේ මහත්මීන් ඇතුළු පිරිසක් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය ඉකුත් දා මුණ ගැසී හෘද රෝග ඒකකයට අවශ්‍ය උපකරණ තොගයක් ලබා දීමට පොරොන්දු වී තිබේ. හෘද රෝගියෙකුගේ හෘදයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පැය 24 පුරාම සටහන් වන වෛද්‍ය උපකරණ කට්ටල තොගයක් පෙරේදා (26) කෑගල්ල මහ රෝහලේ දී අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය වෙත ප්‍රදානය කළාය.
මෙම අවස්ථාවට කෑගල්ල සාන්තන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනී ගංගානී තිලකරත්න මැණිකේ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද එක්ව සිටියේය.
කෑගල්ල විශේෂ
චමින්ද ජයලත්