Home » ලයිසන් නැති බාබර්ට දඩ ගසයි

ලයිසන් නැති බාබර්ට දඩ ගසයි

by sachintha
September 28, 2023 1:00 am 0 comment

එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ඉන්දියාව බලා පිටත්ව යෑම සඳහා පැය 36ක් ඉතිරිව තිබියදී පාකිස්තාන පිලේ නායක බාබර් අසාම්ට මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් දඩ මුදලකට යටත් වීමට සිදු වූ බව වාර්තා වේ.

පසුගියදා ලාහෝර් නුවර අධිවේගී මාර්ගයේ සිය මෝටර් රථය පදවා යමින් සිටියදී ඔහු මංතීරු නීතිය උල්ලංඝනය කර ඇති අතර, ඒ මොහොතේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වෙද්දී ඔහු සතුව රියැදුරු බලපත්‍රය ද නොතිබූ බැවින් මාර්ග නීති දෙකක් උල්ලංඝනය කිරීමේ චෝදනාවට එම දඩය පනවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
මීට පෙර 2021 සහ 2022 වසරවලදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේදී නායකත්වය දැරූ බාබර් අසාම් එක්දින ලෝක කුසලාන තරගාවලියකදී නායකත්වය දරන පළමු අවස්ථාව මෙය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT