Saturday, May 10, 2025
Home » ටමීම්ට ලෝක කුසලානය අහිමියි

ටමීම්ට ලෝක කුසලානය අහිමියි

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට පසුගිය ජූලි මාසයේදී නිවේදනයක් නිකුත් කර තිබූ අතර, බංග්ලාදේශ අගමැතිනිය ශේක් හසීනාගේ ඉල්ලීම මත තවදුරටත් ක්‍රීඩාවේ රැඳී සිටීමට පසුව තීරණය කර තිබිණි.

එහෙත් පසුගියදා නවසීලන්තයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ඔහුගේ දිගු කාලීන ආබාධ තත්ත්වය නැවත මතුවීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුතුව මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන බංග්ලාදේශ පිලට ලිටොන් දාස්, ටන්සිඩ් හසන්, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකුර් රහීම්, ටව්හීඩ් රිඩෝයි, මෙහ්දි හසන්, මහ්මුදුල්ලා, මෙහ්දි හසන් මිරාස්, නසුම් අහමඩ්, හසන් මහ්මූඩ්, ටස්කින් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලාම්, මුස්ටාෆිසුර් රහ්මාන් සහ ටන්සිම් හසන් ඇතුළත් වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT