Home » අවසන් තරගයට වැස්සෙන් බාධා 
15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට්

අවසන් තරගයට වැස්සෙන් බාධා 

-කොළඹ රාජකීය ‘සී’ සහ වත්තල ලයිසියම් සම ශූරයෝ වෙති

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ අන්තර් පාසල් අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විද්‍යාලය ‘සී’ පිල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් පිල අතර ඊයේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා සිදුවීම හේතුවෙන් දෙපිලම සම ශූරයෝ බවට පත් වූහ.

අධික වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ශූරතාව දෙපිල අතර බෙදා දීමට සංවිධායකයෝ තීරණය කළහ.

කණ්ඩායම් 500කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මේ තරගාවලියේ සම ශූරතාව දිනා ගැනීමත් සමගින් මෙවර අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් පිටියේ එකම තරගාවලියක පළමු කොටස, දෙවැනි කොටස සහ තෙවැනි කොටස අංශ තුනේදිම ශූරයන් වෙමින් වාර්තාවක් පිහිටුවීමට ද කොළඹ රාජකීය විදුහලට හැකි විය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ උපාලි අමරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. රුවන්පතිරණ, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රින්සි රත්නායක, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ තරගාවලි ලේකම් සුරංග රණතුංග මහත්ම මහත්මීහු ත්‍යාග ප්‍රදානයට එක් වූහ.

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT