300
බහරේන් කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිවුදෙනා රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
රටවල් 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 92 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 15න් පහළ කාණ්ඩය යටතේ තරග කළ කොළඹ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ බිහද යුමෙන් රිදී පදක්කමක්, පානදුර ලයිසියම් විද්‍යාලයේ සිතුමි මිනාරා රන් පදක්කම් සහ ලෝකඩ පදක්කමක් ද, මොරටුව ඕ. වී. කන්‍යාරාමයේ ඉසුරි භාග්‍යා රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ද, කොළඹ ආනන්ද විද්‍යාලයේ වේදක ගෝමස් ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබුණි.
කටුනායක, ටී.කේ.ජී.කපිල