Friday, May 9, 2025
Home » ලෝක හදවත් දිනය අද

ලෝක හදවත් දිනය අද

-හෘදයාබාධ වැඩි වෙලා

by sachintha
September 29, 2023 1:03 am 0 comment

‘ලෝක හදවත් දිනය’ අදට (29) යෙදී ඇත. හෘදයාබාධ හේතුවෙන් මරණයට පත් වන සහ රෝහල්ගත වන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පැවසුවාය.
වසර 2020දී රජයේ රෝහල්වල සිදු වූ මරණවලින් සියයට 52ක් හෘදයාබාධ හේතුවෙන් සිදු වූ බවත් වයස අවුරුදු 18ත් – 28ත් අතර සහ වයස අවුරුදු 29ත් – 39ත් අතර කාන්තා පිරිමි දෙපිරිසම හෘදයාබාධවලට ලක් වන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පෙරේදා (27) පැවසුවාය.

හෘද රෝගියකු කඩිනමින් හඳුනා ගන්නා ආකාරය පාසල් විෂය නිර්දේශයට එකතු කළ යුතු බවත් ඇතැම් අනවශ්‍ය දේවල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කර ඇති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
ශබ්ද දූෂණය හෘද රෝග ඇති වීමට බලපාන එක් ප්‍රධාන හේතුවක් බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මහතා පැවසුවේය.

ශබ්ද දූෂණය අවම කිරීම සඳහා නීති නැති නම් නව නීති සකස් කර හෝ ශබ්ද දූෂණය වැළැක්විය යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
සමාජයීය හා මානසික ආතතිය නිසා පුද්ගලයන් හෘදයාබාධවලට ලක් වන බවත් ශරීරයේ ඇති වන වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ මහන්සිය යන රෝග ලක්ෂණ හෘදයාබාධයක රෝග ලක්ෂණ වන බවත් හෙතෙම පැවසීය.
සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT