“නවීන තාක්ෂණ ක්‍රම මගින් තාරුණ්‍යයට ජීවයක්” මැයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාරයෙන් දෙහිඅත්තකණ්ඩිය “මහවැලි සී කලාපීය” ගොවිජනතාව වෙත භාණ්ඩ, උපකරණ හා බීජ කට්ටල බෙදාදීමක් ඊයේ(28) සිදු විය.
වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය “ශාලිකා” ශාලාවේ දී එය පැවැත්වුණි.
මෙහිදී රු:515,500ක ඒකක මූල්‍ය වටිනාකමක් සහිත “සුහුරු කෘෂිකර්ම මිරිස් වගා පැකේජ” 187ක්,ගොවි ගෙවිලියන් 187 දෙනෙකු සඳහා නොමිලේ බෙදාදීමට කටයුතු කළ අතර, එහි මුළු වටිනාකම රු:96,398,500.00ක් ද, ඒකක වටිනාකම රු:250,000.00ක් වන වැසි ආවරණ ගෘහ 5ක් මුළු වටිනාකම රු:1,250,000.00 ද, ඒකක වටිනාකම රු:2,000,000.00 ආරක්ෂිත ගෘහ 5ක් මුළු වටිනාකම 10,000,000.00 ද, බඩ ඉරිඟු බීජ කිලෝග්‍රෑම් 8000ක් ඒකක වටිනාකම රු:4000.00ක් බැගින් මුළු වටිනාකම රු:40,000,000.00 ද බෙදා දුන්නේය.
ඊට අමතරව බිංදු ජල සම්පාදන උපකරණ, බීජ වී නිශ්පාදනය සඳහා පැරෂුට් තැටි, පොහොර ඇතුළු රු:මි:150කට අධික වටිනාකම් සහිත භාණ්ඩ හා උපකරණ ද, ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතියෙන් (ADB) රු. මි. 252.23ක් ද, ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) රු. මි. 512.30ක් ද, අපනයන ගම්මාන වැඩසටහන (EVP) රු. මි. 22ක් ද, කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය (AMP) රු. මි. 240ක් ද, ADB (කුකුල් පැටව් ලබාදීමේ ව්‍යාපෘතිය) රු.මි. 28.34ක් ද, ඒකාබද්ධ ජල පෝෂක සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (IWWRMP) රු. මි. 103.94ක් ද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන රු. මි. 103.94 ක් ද වශයෙන් සමස්ථ මූල්‍ය ප්‍රතිපාදන වටිනාකම ලෙස රු;මි: 1298.01ක් මහවැලි “සී”කලාපයේ කෘෂිකර්මාන්තයේ දිශානතිය නව්‍යකරණයට ලක් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලදී.
රටේ ආහාර බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගනිමින්, ආහාර සුරක්ෂිතතාවයට මහවැලි කලාප වශයෙන් ජාතික නිෂ්පාදනය සඳහා සාධනීය දායකත්වයක් මේ ප්‍රතිලාභීන් හරහා ලැබේවී යැයි ද, ණය ආධාර මත යැපෙන අනාගතය නුදුරේම නිමාවට පත්කරමින්, මේ රන් පොළොවේ නියම ප්‍රයෝජන ගනිමින් නවමු තාක්ෂණය උපරිමව යොදාගනීවී යැයි ද අමාත්‍යවරයා එහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට වැඩමවා වදාල නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, කැලේගම ශ්‍රී සම්බෝධී විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය මකුරුප්පේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේට, මහවැලි සී කලාපයේ දියුණුව වෙනුවෙන් ලබාදෙන නිවැරදි මගපෙන්වීම හා නායකත්ව සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයා සිය ගෞරවපූර්වක ස්තූතිය පිරිනැමීය.