Home » ජනපති සහ ජර්මාන් චාන්සලර් අතර හමුවක්

ජනපති සහ ජර්මාන් චාන්සලර් අතර හමුවක්

by chanaka
September 29, 2023 9:03 pm 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව ඊයේ (28) බර්ලින් නුවරදී සිදු විය.

එසේම “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT