303
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ කදිර දිව්‍යරාජ චිත්‍රපටය දිවයින පුරා සිනමාහල්වල දින 50 පසුකරමින් තිරගත කෙරේ. එසේම, එය රුපියල් ලක්ෂ 2000 ඉක්මවා ආදායම් උපයා තිබේ. ඉකුත්දා ඒ ඇතුළු එහි ප්‍රවර්ධන කටයුතු පිළිබඳ දැනුම්වත් කරමින් මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්විණි. එදින කලාකරුවන්, විද්වතුන්, එම චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය රවී ලියනගේ සමඟ රයිගම් සමූහ ව්‍යාපාරයේ ඉහළ නිලධාරිහු රැසක් ද එක්ව සිටියහ. බිනර පෝදා (අද) යළි නැඟී සිටින සිංහල සිනමාවට ආශිර්වාදය පළ කිරීම සදහා කිරි වෙහෙර පුද බිමේදී සහ රුහුණු කතරගම දේවල පරිශ්‍රයේදී ආශිර්වාද පූජාවක්ද පැවැත්වීමට නියමිතය.