Saturday, May 10, 2025
Home » බච්චන්ගේ රසික හමුවට වසර 41යි

බච්චන්ගේ රසික හමුවට වසර 41යි

by sachintha
September 29, 2023 1:00 am 0 comment

බොලිවුඩයෙන් බිහි වූ විශිෂ්ටතම නළුවෙක් මෙන්ම ප්‍රවීණතම රංගධරයා වන අමිතාබ් බච්චන් පසුගිය සැප්තැම්බර් 25 වනදා අපූරු සංවත්සරයක් සමරනු ලැබුවා. මේ වන විට අසූවන වියෙහි පසුවුව ද අමිතාබ් සෑම සති අන්තයක ඉරිදා දිනයෙහි පොදු ස්ථානවලට ගොස් රසිකයන් හමුවී ඔවුන් සමඟ කුලුපග වන්නට, කතාබස් කරන්නට අමතක කරන්නේ නැහැ. 1982 වර්ෂයේ සිට මේ දක්වා අමිතාබ් සති අන්තයේ සෑම ඉරිදා දිනකම මෙම රසික හමුව සිදු කරයි. පසුගිය සැප්තැම්බර් 25 වනදා මෙම රසික හමුවට වසර 41ක් සපිරුණු අතර ඒ වෙනුවෙන් රසිකයන් අමතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරන්නත් අමිතාබ් අමතක කළේ නැහැ.
පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT