ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන 42වැනි ජාතික යෞවන නාට්‍ය උලෙළේ අවසන් වටයට තෝරා ගැණුනු නාට්‍ය ඔක්තෝබර් 16 සිට 31 දක්වා සවස 6ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. ඒ අනුව කෙටි නාට්‍ය අංශයෙන්, 16දා චතුර ජයවර්ධනගේ Listen to me, ගයාන් සඳකැළුම්ගේ ‘ කළුවර රැඟුමක්’, පූර්ණජිත් අනුරාධගේ’ තුං තුඹ මල්’, හසින්ත මධුමල්ගේ ‘ ඒක ඉස්සර කතාවක්’ කෙටි නාට්‍ය ද 17දා ඩිල්ෂාන් තිලංකගේ ‘ටික් ටික් ද බාස්කර්’ ක්‍රිෂාන්තගේ ‘පංචාලි’ ද තිළිණි ජයමාලිගේ ‘විජය භූමි’ ද සුමුදු මධුශාන්ගේ ‘සුහුරු කිස’ ද 18දා නදුනි ධනංජිගේ ‘රතුපාට මල්’ ද සුරේෂ් මධුශානිගේ ‘Mr ගජනායක’ ද එස්. ක්ලින්ටන්ගේ ‘ මනිදි ( දෙමළ) ද දමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ ‘ ගමනක් යං’ ද 19දා දේදුනු සංගීතාගේ ‘බයිලා ගහන දවසක්’ ද චතුරංග පෙරේරාගේ Let’s Marry ද කේ. චන්ද්‍රමේගන්ගේ ‘සූනියම්’ ( දෙමළ) ද කසුන් මධුසංඛගේ ‘මං ටොමී හල්ෆිගර්’ ද 20දා පැතුම් සඳනුවන්ගේ ‘පැනලා යං’ ද පංචාලි විහංගාගේ witches ද සචිනි සමෝධි කවිශල්‍යාගේ ‘ ඔරු ඌරල ( දෙමළ) ද ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ ‘කොමරේඩ්’ ද වේදිකාගත කෙරේ.
එසේම, දිගු නාට්‍ය අංශයෙන් ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ ‘හීන අරං පාරේ හිටං’ ද 24දා දුලාන් මදුරංග වීරසිංහගේ ‘රැඩිකල් ප්‍රේමය’ ද 25දා ‘මං ඇතුලේ ඝාතකයෙක්’ ද 26දා දිලාන් නවිදු ගුණහේරත්ගේ ‘ඩෙසිඩෙරාටා ආශාවේ වස්තුව’ ද 30දා මොහොමඩ් රාෆිගේ ‘කවිකාරයා’ ද 31දා සුරේෂ් මධුෂාන්ගේ ‘සක්වළ රිය’ නාට්‍ය ද වේදිකාගත කෙරේ.
280