බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ටවර්හෝල් රඟහල පදනම හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් නාට්‍ය ( 2022-2023) තරග අද( 29) දක්වා මරදාන ටවර්හෝල් රඟහලේදී පැවැත්වේ. කෙටි, දිගු හා නූර්ති අංශ යටතේ නාට්‍ය 39ක් ඒ සඳහා සුදුසුකම් ලබා තිබිණ.
මෙහි කෙටි නාට්‍ය අංශයෙන් කොළඹ 13,යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ‘කිළි කඩ හේළි’, ගල්කිරියාගම ම. විද්‍යාලයේ ‘ ඒක නිකං කඩදාසියක් නෙවෙයි’, කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති ජාතික පාසලේ ‘වීදියේ කතාවක්’, මොනරාගල ජාතික පාසලේ ‘නිව් ජෙනරේෂන්’, කුලියාපිටිය නාගොල්ලාගම ම. විද්‍යාලයේ ‘මිනියක් කතා කරයි’, කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ’ හුස්ම’, පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ ‘ අපි ඉන්නේ බයෙන්’, මොරටුව මෙතෝදිස්ත උසස් විදුහලේ ‘සිරගත කළ සිත්තමක්’, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ම. විද්‍යාලයේ ‘ සකල සිරින් පිරි’, කෝංගල අභය ම. විද්‍යාලයේ ‘ සිල්පර කොට’ ඇතුළත් විය.
එසේම, දිගු නාට්‍ය අංශයෙන් කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ‘ මඟුල් හයර් එකක්’, කුලියාපිටිය සාරානාත් ජාතික පාසලේ ‘ අලුත් දෙයක්’, ගනේවත්ත එස්. බී හේරත් ම. විද්‍යාලයේ ‘ නිධානය – පද්මාවතී’ , මහඔය බොරපොළ ම. විද්‍යාලයේ ‘කොක් කොක් කොක් කොකෑන්’, හලාවත මැදගම අභය ම. විද්‍යාලයේ ‘ ගිනිගෙන දැවෙන වරුවක්’, අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ ‘ කෝ ඉස්කෝලේ කෝ’, බඩල්කුඹුර මාලිගාතැන්න ම. විද්‍යාලයේ ‘ තිත්ත වත’, හුණුමුල්ල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ජාතික පාසලේ ‘ බස් එකක් එනකල්’ ඇතුළු දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන නාට්‍ය රැසක්ම මෙවරත් ඉදිරිපත් කර තිබේ. එහි විනිශ්චය මණ්ඩලයට ප්‍රවීණ, සම්මානනීය නාට්‍යවේදීන්, විද්වතුන් රැසක් එක් වෙති. මෙහි සම්මාන උලෙළ දෙසැම්බරයේදී කොළඹදී පැවැත්වීමට නියමිතය.
නුවන් මහේෂ් ජයවික්‍රම