Saturday, May 10, 2025
Home » ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට සාවද්‍ය තොරතුරු සපයලා නිව්යෝක් නුවර විනිසුරුවරයෙක් තීන්දු කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට සාවද්‍ය තොරතුරු සපයලා නිව්යෝක් නුවර විනිසුරුවරයෙක් තීන්දු කරයි

by sachintha
September 29, 2023 1:00 am 0 comment

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් මිලියන ගණනාවක ධනය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇතැයි නිව්යෝක් නුවර විනිසුරුවරයකු තීන්දු කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. අධිකරණ විනිසුරුවරයා මේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ ව්‍යාපාරයට එරෙහිව පවරා ඇති සිවිල් නඩුවක කොටසක් ලෙසටය.

ඩොනල්ඩ් ට්‍රම්ප් වසර ගණනාවක් පුරා බැංකු සහ රක්ෂණකරුවන්ට වංචා කර ඇතැයි ද විනිසුරුවරයා වැඩිදුරටත් තීන්දු කර ඇතැයි වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් වංචා නොකළ බවට ප්‍රකාශ කළද, ඔහුගේ පුතුන් දෙදෙනා සහ ට්‍රම්ප් ව්‍යාපාරය ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි දේපළවල වටිනාකම ඩොලර් බිලියන 2ට වඩා වැඩි කර ඇති බව නිව්යෝක් නුවර නීතිපතිවරිය අධිකරණයට කරුණු දක්වා ඇති අතර, නිව්යෝක් නුවර අධීකරණයේ විනිසුරු ආතර් එන්ගොරොන් තීන්දු කර ඇත්තේ ඩොලර් මිලියන ගණනාවක ධනය සම්බන්ධව සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කර ඇති බවටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT