Tuesday, December 5, 2023
Home » පකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 52ක් මරු‌ට – තවත් 50 කට තුවාල

පකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 52ක් මරු‌ට – තවත් 50 කට තුවාල

by chanaka
September 29, 2023 9:20 pm 0 comment

නිරිත දිග පකිස්තානයේ අද(29) පැවති මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සැමරීමේ රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 52 දෙදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරිත දිග පකිස්තානයේ “බැලොකිස්තාන්” පළාතේ ඉස්ලාම් දේවස්ථානයක් ආසන්නයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව, බලධාරින් පවසයි.

ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර එරට ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ද වන බව සඳහන් වේ. තුවාල ලැබූවන් බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසු වන බවද, වාර්තා වේ.

මෙය ත්‍රස්තවාදි ප්‍රහාරයක් බවට පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබේ. ප්‍රහාරයේ වගකීම කිසිඳු කණ්ඩායමක් මෙතෙක් බාර ගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT