Saturday, May 10, 2025
Home » ගන්දර මහ විදුහලේ නව තෙමහල් ගොඩනඟිල්ලකට මුල්ගල තැබේ

ගන්දර මහ විදුහලේ නව තෙමහල් ගොඩනඟිල්ලකට මුල්ගල තැබේ

by sachintha
September 29, 2023 1:00 am 0 comment

ගන්දර මහ විදුහලට අවශ්‍ය නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මූල්‍ය ආධාර දීමත්, එම නව ගොඩනැඟිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීමත් පෙරේදා (27) විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මාතර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක අවශ්‍යතා වෙනුවෙන් ඇමැතිවරයා විසින් කළ ඉල්ලීමකට අනුව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි මහතාට අයත් සහීඩා පදනමෙන් මේ කටයුත්ත ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 75ක මුදලක් දීමට ඉදිරිපත් වූ අතර, එහි පළමු අදියර ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ආධාර නවුෆර් ෆවුසි මහතා විසින් දෙන ලදී. එම මුදල් පරිත්‍යාගය විදුහල්පතිතුමියට දෙනු ලැබිණි.

මෙහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශ්‍රමය ආරක්ෂක අමාත්‍යාංශයෙන් දෙනු ලබන අතර, ඉදිකිරීම් කටයුතු මාස 3කින් අවසන් කිරීමට බලාපොරොත්තු වේ. ගොඩනැඟිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීම ගන්දර මහ විදුහලේ ශිෂ්‍ය නායකයන් විසින් සිදු කරන ලදී.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT