Home » මාංචු පිටින් පැන්න දඩයක්කරු මාංචු පිටින් පොලිසියට භාර වෙයි

මාංචු පිටින් පැන්න දඩයක්කරු මාංචු පිටින් පොලිසියට භාර වෙයි

by sachintha
September 29, 2023 12:40 am 0 comment

දඩයමේ යමින් සිටියදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මංචු පිටින් පලාගිය පුද්ගලයකු පසුව මාංචු පිටින්ම පොලිස් ස්ථානයට පැමිණ භාරවූ බව කඹුරුපිටිය පොලිසිය කියයි.
කඹුරුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත සැරයන් රණතුංග (18307) සහ සැරයන් වසන්ත (46040) යන නිලධාරීන් පොලිස් කොස්තාපල් රියැදුරු ප්‍රනීත් (15398) යන නිලධාරියා ද සමඟ පසුගිය 26 වැනිදා රාත්‍රී කාලයේදී අක්කර 14 ප්‍රදේශයේ සැකකටයුතු වාහන හා පුද්ගලයන් පරීක්ෂාවක නිරතව සිට ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුවය.
එහිදී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී එම යතුරුපැදියේ පැදිකරු සතුව තිබී උල් පිහියක්ද සතුන් මැරීමට යොදා ගන්නා හක්කපටස් එකක්ද පොලිස් නිලධාරීන්ට හමුවී ඇත. ඒ අනුව සැකපිට මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ නිලධාරීන් ඔහුගේ එක් අතකට විලංගුවක් දමා අනිත් අතට විලංගුවේ අනෙක් කෙළවර දැමීමට සූදානම් වන අවස්ථාවේදී ඔහු නිලධාරීන්ව තල්ලු කර පලාගොස් ඇත්තේ මාංචුව ද සහිතවය.
මෙසේ මාංචු සහිතව පලාගිය පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියදී ඔහු පෙරේදා (27) පොලිසියට පැමිණ භාරවී ඇත්තේ අතේ මාංචුව ද සහිතවය.
ගයාන්
කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT