Sunday, May 11, 2025
Home » ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම

ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම

by sachintha
September 29, 2023 12:44 am 0 comment

ඔක්. 1දා සිටගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයන් සහ ආයතන මඟින් 2024 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි (තුවක්කු) බලපත්‍ර අලුත් කිරීම 2023.10.01 දිනෙන් ආරම්භ වී 2023.12.31 දිනෙන් අවසන් කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වැනි වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. 2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසු සිදු කරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳ තොරතුරු හා අයැදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත හැකිය.

රක්ෂණ ශ්‍රියන්ත

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT